Gossips

තෙල්දෙණියේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි

තෙල්දෙණිය ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර මරණයට පත්වූ පුද්ගලයින් තුන්දෙනාට වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ලබාදීමට නියමිත අතර, එම සිදුවීම්වලින් තුවාල ලැබූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් 250,000 ක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමීමටත් මෙහිදී තීරණය කර ඇති බව සඳහන්.