මේ මස 17 වනදාට හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන, පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, සේවා පැවරුම්, පුහුණුවන සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සරසවි අනධ්‍යයන සේවකයන් සේවය අතහැර ගියා සේ සළකන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එසේම එදිනට සේවයට වාර්තා නොකර වර්ජනයේ නිරත වන ස්ථිර සේවකයන් වර්ජනයේ යෙදී සිටින කාලසීමාව වැටුප් රහිත කාලයක් ලෙස සළකන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.