Gossips

වෘත්තීය සමිතිිිවල විරෝධය

ලෝක කම්කරු දිනය සමරනු ලබන මැයි මස 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට වෘත්තීය සමිති විරෝධය පළ කරනවා.
වෙසක් දිනය අප්‍රේල් 29 වනදාට යෙදී තිබීම හේතුවෙන් මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි මැයි පළවැනිදාට යෙදෙන ලෝක කම්කරු දිනය මෙවර මැයි 7 වනදා සමරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.
ඒ අනුව, මැයි පළවැනිදා රජයේ නිවාඩුව මැයි 7 වනදා ලබාදීමට රජය තීරණය කර ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය අද (11) නිකුත් කළ බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
කෙසේ වෙතත්, ඊයේ පැවති කම්කරු උපදේශක සභා රැස්වීමේදී රජයේ මෙම තීරණයට විරෝධය පළ කළ බවයි නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් කියා සිටියේ.