Gossips

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වර්ධනයක් හෙට පස්වරුවේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.