Gossips

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය දින 3 ක් රාත්‍රී කාලයේ වැසේ

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හේතුවෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය දින 3 ක් රාත්‍රී කාලයේ වසා තැබෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව 13, 14 සහ 15 යන දිනයන්හිදී සත්ත්වෝද්‍යානය රාත්‍රී කාලයේ වසා තැබෙනු ඇති.
කෙසේ වෙතත්, අදාළ දිනවලදී උදෑසන 8.30 සිට පස්වරු 6 දක්වා සත්ත්වෝද්‍යානය නැරඹීමේ හැකියාව පවතින බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සදහන් කළා.