Gossips

ලැප්ටොප් පරිගණකයක් කෑලිවලට කුඩුවෙන්න IPL පිටියේදී වොට්සන් එල්ල කළ පහර

දිනෙන් දින අලුත් පුවත් මවමින් 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ (10) පැවති තරඟ විශේෂ සිදුවීම් ගණනාවක් සිදුවූ තරඟයක් වුණා.
චෙන්නායි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වොට්සන් ඊයේ තරඟයේදී එල්ල කළ හයේ පහරක් පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යවල අවධානය මේ වන විට යොමුව තිබෙනවා.
වේග පන්දු යවන ක්‍රීඩක ටොම් කරන් යොමුකරන පන්දුවකට වොට්සන් එල්ල කරන පහරින් හතරේ සීමාවෙන් එපිට පන්දුව පතිත වෙන්නේ කැමරා ශිල්පියෙකුගේ ලැප්ටොප් පරිගණක් මතයි.
වොට්සන්ගේ එම පහරින් ක්‍රීඩාංගනයේ රැඳී සිටි කැමරා ශිල්පියාගේ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයකට දැඩි අලාභ හානි සිදුවුණා.
එම සිදුවීම පහතින් නරඹන්න.