Gossips

රතිඤ්ඤා නිෂ්පාදකයින් අර්බුදයක

රතිඤ්ඤා ඇතුලු ගිණිකෙළි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට පාරම්පරික රතිඤ්ඤා නිෂ්පාදකයින් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ ගිණිකෙළි අලෙවිය සිදුවන්නේ උත්සව සමයේදී බැවින් මෙවර තමන් ආර්ථික අර්බුදයකට මුහුණපා ඇති බවයි.
අවුරුදු සමය තුළ රතිඤ්ඤා ඇතුලු ගිණිකෙළි සඳහා වෙළඳපොල තුළ පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් මෙවර ලබාදීමට නොහැකිවී ඇති බව ද ඔවුන් පවසනවා.
මේ හේතුවෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ මෙම කර්මාන්තයෙන් යැපෙන පවුල් 300ක පමණ පිරිසක් තම ජීවනෝපාය පිළිබඳව පසුවන්නේද අවිනිශ්චිත තත්ත්වයකින්.
අප මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි අතිරේක ලේකම් එන්.ජී. පණ්ඩිතරත්න සඳහන් කළේ මෙම අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කළ ඊශ්‍රායලයේ නිෂ්පාදන ආයතනය මේ වන විට වසා දමා ඇති බවයි.
තායිලන්තයෙන් ආනයනය කළ අමුද්‍රව්‍ය තොගද අවසන්ව ඇති බවත්, අප්‍රේල් මස අග වනවිට තොග ආනයනය කිරිමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.