Gossips

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට නව යෝජනාවලියක්

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
එම යෝජනාවලිය සකස් කිරීම සඳහා වෘත්තිය පුහුණු අමාත්‍යාංශයේ මෙන්ම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ මතුව ඇති ගැටළු පිළිබඳව ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදුකර තිබෙනවා.