Gossips

යාපනයේ තරුණයෙකු කපාකොටා දමයි

යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ ඊයේ (10) රාත්‍රියේ යතුරුපැදි කල්ලියකින් පැමිණි පිරිසක් තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහර දී පලා ගොස් ඇති බව තෙලිප්පලෙයි පොලිසිය පවසනවා.
තෙලිප්පලෙයි කලෙයිවානි පුස්තකාලය අසලදී ඊයේ රාත්‍රී 8.ට පමණ මෙම පහර දීම සිදු කොට ඇති අතර පහරදීමෙන් කැපුම් තුවාල ලබා ඇත්තේ තෙලිප්පලෙයිහි පදිංචි 19 හැවිරිදි රවිචන්ද්‍රන් ලක්ෂාණ් නැමති තරුණයෙක්.
අදාල පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පහර කෑ තරුණයා පොලිසියට පවසා ඇත්තේ යතුරුපැදි කිහිපයකින් පැමිණී පිරිසක් එකවරම තමන්ට පහරදීම හේතුවෙන් පහරදුන් අය හඳුනා ගත නොහැකි වූ බවයි.
පහර දීමෙන් තුවාල ලැබූ තරුණයා මේ වන විට තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අදාල පහරදීම ආවා කල්ලියේ සාමාජිකයින්ගේ ක්‍රියාවක් බවට සැකකරන බවටත් එම පිරිස් හඳුනාගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටත් තෙලිප්පලෙයි පොලීසිය වැඩි දුරටත් පවසනවා.