Gossips

සුපිරි පිතිකරුවා IPL පිටිය උණුසුම් කරමින් පන්දුව නැතිවෙන්නම ගහපු දැවැන්ත හයේ පහර

2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (10) පැවති තරඟය ජයගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් එම තරඟය ජයගන්නේ කොල්කටා නයිස් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්.
මෙවර තරඟාවලියේ මේ වන විට ක්‍රීඩක කළ සාර්ථකම ඉනිම ක්‍රීඩා කිරීමට නයිස් රයිඩර්ස් කණ්ඩායමේ ඇන්ඩි රසෙල්ට ඊයේ හැකියාව ලැබුණා.
පන්දු 36ක් තුළ ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 88ක්.
රසෙල්ගේ ඉනිමට එක් හතරේ පහරක් සහ දැවැන්ත හයේ පහර 11ක් ඇතුළත්.
මේ අතර මෙවර තරඟාවලියේ දී මේ වන විට එල්ල කළ දැවැන්තම හයේ පහරට හිමිකම් කියන්නට ද ඇන්ඩි රසෙල්ට ඊයේ හැකියාව ලැබුණා.
ඩ්වේන් බ්‍රාවෝ යොමු කරන නයිස් රයිඩර්ස් ඉනිමේ 17 වන පන්දුවාරයේ දෙවන පන්දුවට එල්ල කරන එම හයේ පහරේ දුර සටහන් වුනේ මීටර් 105ක් ලෙසයි.
එම හයේ පහරත් සමඟ මෙවර අයි.පී.එල්. තරඟාවලියේ දැවැන්තම හයේ පහරවල් එල්ල කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ පෙරමුණ ගන්නට රසෙල්ට සමත් වූ
අතර එම සටහනේ දෙවන තැන මේ වන විට හිමිකරගෙන සිටින්නේ කොල්කටා නයිස් රයිඩර්ස් පිලේම රොබින් උත්තප්පා විසින්.
ඇන්ඩි රසෙල්ගේ ප්‍රවේගකාරී ඉනිම පහතින්.