Gossips

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයාගේ තල්ලුවෙන් IPL තරඟාවලියට එන යොවුන් තරුව

ICC යේ පූර්ණ සාමාජිකත්වය නොලද රටකින් ප්‍රථමවරට IPL තරඟාවලියට එක්වූ සුපිරි යොවුන් ක්‍රීඩකයෙක් වෙත මේ වනවිට ලොවපුරා අවධානය යොමුව තිබෙනවා.
එපමණක් නොව IPL තරඟාවලියට නේපාලයෙන් එක්වන පළමු ක්‍රීඩකයා ද වන්නේ ඔහුයි.
සන්දීප් ලමිචානේ වන ඔහු මේ වනවිට 17 හැවිරිදි වියේ පසුවනවා.
කෙසේ වෙතත් ඔහු මේ වනවිට ලබා ඇති සාර්ථකත්වය පසුපස සිටින ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයෙක් වෙතත් මේ වනවිට කතාබහක් ඇතිව තිබෙනවා.
සන්දීප් උපත ලබන්නේ බටහිර නේපාලයේ ස්යන්ජා දිස්ත්‍රික්කයේයි.
ඔහුගේ පියා ඉන්දියාවේ දුම්රිය සේවකයෙකු වීම හේතුවෙන් ඔහු සිය ළමා විය ගත කළේ ඉන්දියාවේයි.
ඉන්දියාවේදී මුලින්ම ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ සන්දීප්, ඉන් අනතුරුව නැවතත් නේපාලයට පැමිණීමෙන් අනතුරුව සිය මවුබිමේදී ක්‍රිකට් දිවිය අරඹනවා.
ක්‍රිකට් ඇකඩමියක පුහුණුව ලැබූ ඔහුගේ දක්ෂතාව හේතුවෙන් 19 පහල කණ්ඩායමට එක්කිරීමට විවිධ උත්සාහයන් සිදුකළ ද එය ව්‍යර්ථ වූ බවයි ඔහුගේ පුහුණුකරුවන් පවසන්නේ.
කෙසේ වෙතත් මොහුගේ වාසනාවට එවකට නේපාල කණ්ඩායමේ පුහුණුකරු වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක පුබුදු දසනායකගේ විශේෂ අවධානය මෙම ක්‍රීඩකයා වෙත යොමුවනවා.
ඒ අනුව දක්ෂතා සහිත තරුණ ක්‍රීඩකයන් සොයමින් සිටි පුබුදු මෙම නවක ක්‍රීඩකයා ජාතික කණ්ඩායමේ පුහුණු සංචිතයට බඳවාගෙන තිබෙනවා.
මෙයත් සමඟ සන්දීප් ගේ ක්‍රිකට් ජීවිතය උඩුයටිකුරු වනවා.
ඒ අනුව පසුව ඔහුට 19 න් පහළ කණ්ඩායමේ නායකත්වය ද හිමිවන අතර හොංකොං ක්‍රිකට් තරඟාවලියට ද එක්වීමට අවස්ථාව හිමිවනවා.
හොංකොං ක්‍රිකට් තරඟාවලියේ දී ඔහුට හිටපු ඕස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් හමුවන අතර ඔහුගෙන් තම දක්ෂතා වැඩිදියුණු වූ බවයි සන්දීප් පවසන්නේ.
නිරන්තරයෙන් ලද ගුරුහරුකම් ඔස්සේ තම දඟ පන්දු යැවීමේ හැකියාවද වැඩිදියුණු කරගත් පසුගිය 19 න් පහළ ලෝක කුසලානයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්වනවා.
ඒ අනුව මේ නවක ක්‍රීඩකයා තමන්ගේ රටතුල හඳුන්වන්නේ නේපාලයේ ෂේන් වොන් ලෙසයි.
එම තරඟාවලියේ සන්දීප් දක්වන මෙම විශේෂ දක්ෂතා හේතුවෙන් ඔහු අවසානයේ IPL තරඟාවලිය සඳහා තෝරාගැනීම සිදුකරනවා.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම විසින් මේ නවක ක්‍රීඩකයා තම කණ්ඩායමට තෝරාගනු ලබන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ විස්සක මුදලකටයි.
rnrn