Gossips

විදුලි අර්බුදය ගැන, ඒකාබද්ධයේ චෝදනාවලට ඇමතිගෙන් පිළිතුරු

රට තුළ කිසිදු විදුලි අර්බුදයක් නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ගලිගමුව ප්‍රදේශයේ ඊයේ (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, අනාගතයේදී රට තුළ බලශක්ති අර්බුදයක් නිර්මාණය වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
කොළඹ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ විදුලිබල අවශ්‍යතාව සඳහා පවතින ඉල්ලූම ඉහළ යාම හමුවේ විදුලි බිල ද ඉහළ යාම තුළ මෙම තත්වය උද්ගත වනු ඇති බවයි.
කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පෙන්වා දෙන්නේ විදුලිය මිල ඉහළ දැමීමක් හෝ කප්පාදුවක් සිදු නොකරන බවයි.