Gossips

හෙරොයින් අලෙවි කළ හතරක් මහියංගණයේදී පොලිස් දැලේ

ලද තොරතුරක් අනුව මහියංගණය, උළු කම්හල පාර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී පිළිවෙලින් හෙරොයින් මිලිග්‍රෑම් 550, 580, 650, 680ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් මහියංගණය සහ රාගම යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 24, 29, 31 සහ 39 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.
සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරම ඉතා සූක්ෂමව පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති අතර සැකකරුවන් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉදිරි විමර්ශන කටයුතු මහියංගණය පොලිසිය විසින් සිදුකරනු ලබනවා.