Gossips

අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව කතරගම බස්නායක නිලමේ කියයි

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරෙන් තමා ඉවත් කිරීමේ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඩී.පී.කුමාරගේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එම තනතුරෙන් තාවකාලිකව ඉවත් කරන බවට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.
බස්නායක නිලමේවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබූ පැමිණිලි සහ විවිධ සිද්ධී මුල් කරගනිමින් නීතිපති දෙපාර්තමේන්තුවේද උපදෙස් මත ඔහු තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කළ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
එසේම කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරේ වැඩබැලීම සඳහා මීට පෙර බස්නායක නිලමේ තේරීමේ නිලවරණයට ඉදිරිපත්වූ අපේක්ෂයෙකු වන දිල්රුවන් රාජපක්ෂ පත් කළ බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් එවන් තීරණයක් මෙතෙක් තමන් වෙත දැනුම්දී නොමැති බවයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.