Gossips

IPL ක්‍රීඩා කර කෝටිපතියන් වූවන්ගේ ලැයිස්තුව එළියට

මේ දක්වා IPL තරගාවලි සදහා ක්‍රීඩා කර ඉන්දීය රුපියල් කෝටි 100ට වඩා හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 240 ක මුදලක් ඉපැයූ ක්‍රීඩකයින් පිලිබදව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කර තිබෙනවා.
මේ අනුව රුපියල් කෝටි 240 වඩා උපයා ඇත්තේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මා පමණයි.
මේ අතර ඉන්දීය රුපියල් කෝටි 50කට වඩා හෙවත් ශ්‍රී ලංකා රුපියල් බිලියන 1.2කට වඩා මුදලක් ඉපැයූ ක්‍රීඩකයින්ගේ සමාජයට ඉන්දීය ක්‍රීඩකයින් සහ විදෙස් ක්‍රීඩකයින් රැසක් ඇතුල්ව සිටිනවා.
විරාත් කෝලි, යුවරාජ් සිං, ගෞතම් ගම්භීර්, සුරේෂ් රයිනා, රොබින් උතප්පා, ශිකර් ධවාන්, රවින්ද්‍ර ජඩේජා, දිනේෂ් කාර්තික් සහ හර්බජාන් සිං එම මුදල් ඉපැයූ ඉන්දීය ක්‍රීඩකයින් අතර වනවා.
එම මුදල උපයා ඇති විදෙස් ක්‍රීඩකයින් වන්නේ සුනිල් නරයින්, ක්‍රිස් ගේල්, කිරාන් පොලාඩ්, ඩේවිඩ් මිලර්, ඒ.බී. ඩි විලියස් සහ ෂේන් වොට්සන්.
මේ අතරින් ඉන්දීය රුපියල් කෝටි 69.5ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 166ක් උපයමින් වැඩිම මුදලක් ඉපැයූ විදෙස් ක්‍රීඩකයා වන්නේ ඒ.බී. ඩි විලියස්.
කෙසේවුවත් තරගාවලි ගණනක් එක දිගට ක්‍රීඩා කල ලසිත් මාලිංගට මේ සමාජයට එක්වීමට හැකි වී නැහැ.