Gossips

අවුරුදු සමයේ සුරා අලෙවි අක්‍රමිකතා වැළැක්වීමට විශේෂ මෙහෙයුමක්

සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමය තුළ දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම සඳහා විශේෂ අධීක්ෂණ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.
එවැනි අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් 0112 045 077 දුරකතන අංකයට හෝ 0112 877 882 යන ෆැක්ස් අංකයට දැනුම් දෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඊයේ සිට ලබන 15 වනදා දක්වා මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන පැවැත්වෙනවා.
ඒ යටතේ මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර සහිත ස්ථාන අඛණ්ඩව අධීක්ෂණය කෙරෙන අතර මහජන පැමිණිලි හා තොරතුරු මත සුරාබදු අපරාධ සිදු කෙරෙන ස්ථාන වැටලීම් ද සිදු කෙරෙනු ඇති.
මේ අතර ලබන 13, 14, 29 සහ 30 යන දිනවල දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
13 සහ 14 දිනවල සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවනුයි සුරාසැල් වසා තැබෙන්නේ.
29 සහ 30 දිනවල වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් සියලු සුරාසැල් වසා තැබෙනු ඇති.