Gossips

එළවළු ගොවීන්ට සහනයක් දෙන්නැයි, ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලයි

වෙළද පොලේ එළවළු මිල පහත වැටිම හේතුවෙන් අසරණව සිටින ගොවීන්ට වගා හානි සදහා සාධාරණ වන්දි මුදලක් ලබා දිමේ ක්‍රමවේදයක් සකස් කරදෙන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණරත්න මෙම ඉල්ලීම කළේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.