Gossips

ධුරයෙන් ඉවත් කළ බව ලිඛිතව දැනුම් දුන්නේ නැහැ

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරයෙන් තමන් ඉවත් කළ බව තමන්ට ලිඛිතව දැනුම් දී නොමැති බව කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩී .පී. කුමාරගේ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (10) සවස මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ නමුත් රුහුණු – කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ වන ඩී .පී. කුමාරගේ තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අද (10) පියවර ගෙන තිබුණා.
බස්නායක නිලමේවරයාට ඉදිරිපත් වී තිබූ පැමිණිලි සහ විවිධ හේතු කාරණා මුල් කර ගනිමින් ඔහු තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.