Gossips

චීන ජනපතිගෙන් අනතුරු ඇගවීමක්

ඇමරිකාව ඇතුළු බටහිර රටවල් නිරවි යුද මානසිකත්වයෙන් කටයුතු කිරීම ලෝක ආර්ථිකය ආපසු හැරවීමට හේතු විය හැකි යැයි චීන ජනාධිපති ෂී – ජින්පින් පවසනවා.
ආසියානු ආර්ථික සංසදයක් අමතමින් ඔහු කියා සිටියේ චීනය තම ආර්ථිකය තවදුරටත් විවෘත කිිරීමට සූදානම් බවයි.
එක් ජන කොටසකගේ ප්‍රගතිය පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම නූතන ලෝකයට නොගැලපෙන භාවිතයක් ලෙසයි ඔහු හැඳින්වූයේ.
එමගින් ඔහු ඉලක්ක කරගෙන ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයනවලට ඉහළ බදු පනවා ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි.