Gossips

මන්ත්‍රී මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අභියාචනාධිකරණයට ගොනුකළ පෙත්සම පසුගිය සිකුරාදා ප්‍රතික්ෂේප කෙරුණා.
ඒ අනුවයි ඔහු මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට යළි පෙත්සමක් ගොනු කර ඇත්තේ.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 05 ක් වැයකර ක්‍රීඩා උපකරණ තොගයක් ගෙන්වා ඒවා පාසල් වෙත බෙදා නොදී දේශපාලන කටයුතුවලට යොදා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ සිදුකරනවා.