Gossips

සරසවි අනධ්‍යයන සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට (ඡායාරූප)

සිය දීමනා ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන ලෙසට ඉල්ලමින් වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් භාර දී තිබෙනවා.
අද (10) පෙරවරුවේ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක නිරත වීමෙන් අනතුරුවයි පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ.
එහිදී මෙම කමිටුවේ නිලධාරීන් 5 දෙනෙකු අදාළ සංදේශය භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ගොස් තිබෙනවා.
අනධ්‍යයන සේවක විරෝධතාවය හේතුවෙන් මේ වන විට ගාලූමුවදොර පාර, ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති අතර, දිවයින පුරා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වර්ජනයට අදට දින 42ක් ගත වනවා.