Gossips

එජාපයේ කැමැත්ත ගැන ඇමති කිරිඇල්ල කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ඡන්දය භාවිතා නොකළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (09) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.