රුහුණු – කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ වන ඩී .පී. කුමාරගේ තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේ බස්නායක නිලමේවරයාට ඉදිරිපත් වී තිබූ පැමිණිලි සහ විවිධ හේතු කාරණා මුල් කර ගනිමින් ඔහු තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කළ බවයි.
ඒ පිළිබදව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද දැනුවත් කළ බව අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.