Gossips

වලදමා තිබු එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආයුධ ගබඩාවක් සොයාගැනේ (ඡායාරූප)

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන ලද බවට සැකකරන ආයුධ ගබඩාවක් ඊයේ (09) සවස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
බුද්ධි අංශ තොරතුරකට අනුව අධිකරණ නියෝගයකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් මේ ආයුධ ගබඩාව සොයාගෙන ඇත්තේ.
එහිදී කාලතුවක්කු උණ්ඩ 34 ක්, පුද්ගල නාශක අත්බෝම්බ 34 ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 48 ක් , ආර්.පී.ජී උණ්ඩ 7ක්, එම්.පී.එම්.ජී බර අවි උණ්ඩ 2000ක් , ගුවන් යානා නාශක උණ්ඩ 1710 ක් , ක්ලේමෝ බෝම්බ 4 ක් , අධි බලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 48ක් එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිල ඇඳුම් ඇතුලු යුද උපකරණ රැසක් මේ අතර තිබී සොයාගෙන තිබෙනවා.
අධිකරණ නියෝගයකට අනුව මේ යුද උපකරණ තොගය විනාශ කිරීමට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

(ඡායාරූප – වන්නි රොමේෂ් මදුශංක)