Gossips

හෝමාගම සිට විශේෂ බස් සේවාවක්

අළුත් අවුරුද්දට මගීන්ට ගම් බිම් බලා යාම සඳහා නව බස් රථ සේවාවක් හෝමාගම බස් නැවතුම්පොළේ අද (10) සිට ක්‍රියාත්මකයි.
දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කර ඇති බවයි කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හෝමාගම කාර්යාලයේ ධාවන පරිපාලන නිළධාරී තේජා ජයසුන්දර කියා සිටියේ.