Gossips

මහනුවර නිවසකින් මළ සිරුරු තුනක් හමුවෙයි

මහනුවර, රජවැල්ල 02, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිලිස්සී මියගිය බවට සැකකරන මළ සිරුරු තුනක් අද (10) උදෑසන සොයාගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා, දියණිය සහ පුතු බවයි පොලිසිය සැක පළකරන්නේ.
මියගොස් ඇති පියා වයස අවුරුදු 36ක පුද්ගලයෙකු වන අතර මියගොස් ඇති දියණිය සහ පුතා වයස අවුරුදු 13 සහ 05 යන වයස්වන පසුවන්නන් බව සඳහන්.
මැණික්හින්න පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.