Gossips

නව හැවිරිදි දැරියක් කෙලෙසූ 31 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

වැල්ලවාය, හදපානාගල, රණ්දෙනිගොඩයාය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු නවයක පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අපයෝජනයට ලක්වූ දැරියගේ මාමා බවටයි අනාවරණය වී ඇත්තේ.
මොහු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු තිස්එකක් වන විවාහක පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුගේ බිරිද මීට පෙර සැකකරු අතහැර දමා ගොස් ඇති අතර අනතුරුව මොහු තනිවම ජීවත්ව සිටි බවයි වාර්තා වන්නේ.
අපයෝජනයට ලක්වූ දැරිය සිය පියා අහිමි වීම නිසා මිත්තනිය භාරයේ සිට අතර මාසයකට ආසන්න කාලයක් සැකකරු විසින් තමන්ට ලිංගික අතවර සිදුකළ බවට දැරිය පොලිසියට පවසා තිබෙනවා.
අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.