Gossips

පළාත් කිහිපයකට අද තද වැසි

දිවයිනේ පළාත් රැසක අදත් සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බවයි එමගින් සඳහන් කළේ.
මේ අතර, පුත්තලම ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇද හැලූණු වර්ෂාපතනයත් සමඟ තාවකාලිකව ඇති වූ තද සුළං හේතුවෙන් නිවාස 30කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.
ඇදහැලෙන වැසි හේතුවෙන් රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කෙරුණු නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.