පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
මේ වසරේ සිදුකළ පළමු මදුරු මර්දන සතිය ඊයේ (09) දිනයෙන් අවසන් වූ අතර, එහිදී දිවයින පුරා ස්ථාන 458,912 ක් පරීක්ෂාවට ලක් කෙරුණා.
මදුරුවන් බෝවිය හැකිවන ආකාරයෙන් පවත්වාගෙන ගිය පරිශ්‍ර 98,000 ක් එහිදී සොයාගත් බවයි එම ඒකකය සඳහන් කළේ.
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රෂිලා සමරවීර සඳහන් කළේ ඩෙංගු යළි පැතිර යාමේ අවදානමක් පවතින නිසා ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.