Gossips

නව දේශීය ආදායම් පනතට ‘‘මූඩි’’ ප්‍රසාදය

දැවැන්ත ණය වගකීම් සහිත ශ්‍රී ලංකාවේ රජයේ ආදායම් ඉහළ නැංවීමට නව දේශීය ආදායම් පනත ඉමහත් රුකුලක් වනු ඇති බව මූඩි ජාත්‍යන්තර ආයෝජන උපදේශක සේවාව ප්‍රකාශ කළා.
එය ශ්‍රී ලංකාවේ ක්‍රයශක්තිය ධනාත්මක කිරීමට ද ඉවහල් වනු ඇති බවයි එමඟින් කියා සිටියේ.
බදු විරාමයන් ඉවත් කළ නව බදු නීතිය මෙරට ආදායම් බදු ගෙවන්නන්ගේ සංචිතය පුළුල් කිරීමට ද හේතුවනු ඇති බව මූඩි ආයෝජන සේවාවේ අදහසයි.
නව දේශීය ආදායම් පනත සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම මෙරට මූල්‍ය ස්ථාවර භාවය තහවුරු කිරීමට හේතුවනු ඇතැයි එමඟින් නිකුත් කළ නිවේදනයක සඳහන්.