Gossips

මහා පරිමාණයෙන් ඉඩම් වංචා කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට

මහා පරිමාණ ඉඩම් වංචාවල නිරතවූ පුද්ගලයින් 6 දෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් 2006 වසරේ සිට ව්‍යාජ ඔප්පු සකසා මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ රැසක ඉඩම් වංචා සිදුකර ඇති බව සඳහන්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඔවුන් රුපියල් ලක්ෂ 400 කට අධික මුදලක් මෙලෙස වංචා කර ඇති බවයි.