Gossips

කුසල්ගේ කළමණාකරු IPL ගැන කියපු බොරුව ?

ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට්‌ තරග තහනමක්‌ පැනවීම මත අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස්‌ කණ්‌ඩායමේ ස්‌ථානයද ඔහුට අහිමි වූවා.
අදාළ හිස්‌තැන සඳහා ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා හොඳම අදේශකයා බව මාධ්‍ය වාර්තා කරද්දී ඔහු එම අයි.පී.එල්. ආරාධනාව ප්‍රතික්‌ෂේප කළ ඔහුගේ කළමණාකරු මාධ්‍ය වෙත පවසා තිබුණා.
නමුත් ඉකුත් සතිය වන විට කුසල් පෙරේරා සම්පූර්ණ සුවය ලබා නොතිබූ බව පැහැදිලි වූවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කුසල් පෙරේරාගෙන් කිසිදු අදහසක්‌ ප්‍රකාශ නොවුනද ඔහුගේ කළමණාකරුවා විසින් කියා තිබුණේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමට එක්‌වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් ක්‍රිකට්‌ තරගාවලියට සහභාගිවීමට අවශ්‍ය බැවින් කුසල් පෙරේරා අයි.පී.එල්. ආරාධනාව ඉවත දැමූ බවයි.
නමුත් වාර්තා වන පරිදි පළාත් සිව්දින තරගාවලියේදී පළමු තරගය ක්‍රීඩා කිරීමටද කුසල් පෙරේරාට නොහැකි වූවා.
ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සියයට සියයක්‌ සුව නොවීම හේතුවෙන්.
අයි.පී.එල්. ආරාධනාව කුසල්ට ලැබී ඇත්තේ මෙසේයි.
අවශ්‍යතාවක්‌ වුණොත් කුසල් පෙරේරා තරඟ කරන්න සූදානම්ද යන්න අයි.පී.එල්. සංවිධායකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලින් විමසා තිබෙනවා.
නමුත් කුසල්ගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුගේ තත්ත්වය දන්වා තිබීමෙන් පසුව කුසල් පෙරේරාගේ බලාපොරොත්තු සන්රයිසස්‌ කළමණාකාරීත්වය අතහැර දැමුවා.
කුසල් සමග ඔවුන් තවත් ක්‍රීඩකයන් තිදෙනකුව ඩේවිඩ් වෝනර්ගේ ස්‌ථානයට තෝරාගෙන ඇති අතර එහිදී එංගලන්තයේ ඇලෙක්‌ස්‌ හේල්ස්‌ට අවස්‌ථාව හිමිවූවා.