Gossips

බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 10 ක් රෝහල් ගත කෙරේ

බගවන්තලාව – බොගවාන වතුයායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
අද (09) උදෑසන මොවුන් තේ දළු නෙලමින් සිටියදී මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව ඇති බව සඳහන්.
එහිදී තුවාල ලැබූ කාන්තාවන් 10 දෙනෙකු ප්‍රතිකාර සඳහා බගවන්තලාව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.