Gossips

තුෂාන් අබේසේකර හලාවත නගර සභාවේ සභාපති ධුරයට

හලාවත නගර සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ තුෂාන් අබේසේකර තේරි පත්වී තිබෙනවා.
අද පෙරවරුවේ නගර සභා ශ්‍රවණාගාරයේ පැවති විවෘත ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 05 කින් මොහු තේරී පත්වූ අතර, එහි උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ සාදුකුල් අමීන් තේරී පත් වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් හලාවත නගර සභාව එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළ අතර, හිමි වූ ආසන සංඛ්‍යාව 07ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 06 බැගින් හිමි වුණා.
ඒ අනුව සභාපතිවරයා පත්කිරීමේදී ඝණ පුර්ණය නොමැති විම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්ව සභාපතිවරයා මෙලෙස තෝරා පත් කර ගෙන ඇත්තේ.