Gossips

IPL බලාපොරොත්තුව බොඳ කරමින් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයාට නොසිතූ අකරතැබ්බයක්‌

ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්ව තිබෙනවා.
ක්‍රිකට් ආයතනය සංවිධානය කරනඅන්තර් පළාත් තරගාවලියේදී ගාලු කණ්ඩායම සමඟ පැවැති තරගයේදීයි ඔහු ආබාධයකට ලක්ව ඇත්තේ.
ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය ඔහුට අහිමිවීමට වැඩි ඉඩක් පවතින බවයි බව වාර්තා වන්නේ.
මේ අතර අයි.පී.එල්. තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තෝරාගෙන සිටින දුෂ්මන්ත චමීරට අයි.පී.එල්. තරඟාවලිය ද අහිමි වී තිබෙනවා.
මෙවර අයි.පී.එල්. තරඟාවලිය සඳහා තෝරා ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණයි.
දුෂ්මන්ත චමීර ඉන් එක් අයෙක්.