Gossips

මහනුවර ගැටුම් ගැන, මානව හිමිකම් කොමිසමේ විමර්ශන ඇරඹේ

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය මාර්තු මාසයේදි සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබදව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපතිනී ආචාර්ය දීපිකා උඩුගම පවසනවා.
මෙම විමර්ශනයේ මූලික අදියර ලෙස අදාළ සිදුවීම්වලින් හානියට පත්වූ පුද්ගලයන්ගෙන් සහ මේ පිළිබදව උනන්දුවක් දක්වන පිරිස්වලින් තොරතුරු සහ සාක්ෂි ලිඛිතව විමසනු ඇති.
ඒ සඳහා සමාජජාල ඡායාරූප, වීඩියෝපට සහ හඬ පට ද ඉදිරිපත් කළ හැකි බවයි මානව හිමිකම් කොමිසම සඳහන් කළේ.