Gossips

නිමි ඇඳුම් සොරකම් කළ පස්දෙනෙකු බදුල්ලෙන් සහ මාතරින් අල්ලයි (ඡායරූප)

බදුල්ල – මැදපතන ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක ගබඩාවක් බිඳ නිමි ඇඳුම් තොගයක් සොරකම් කළ 17 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ ඇඟළුම් ආයතනයේ ගබඩා කාමරයේ තිබී රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික නිමි ඇඳුම් තොගයක් ඔවුන් විසින් පසුගිය දා සොරකම් කර ඇති බවයි.
මොවුන් මෙලෙස සොරා ගන්නා ලද නිමි ඇඳුම් ත්‍රිරෝද රථයකින් රැගෙන විත් එම ප්‍රදේශයේම අලෙවි කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ අතර රෙදිපිළි වෙළෙඳසැල් වලින් ඇඳුම් සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකු ද මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු අය පානදුර ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් අද (08) දින මාතර වැඩබලන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඡායරූප – මාතර, අධීෂ ආරියතිලක