Gossips

අයි.පී.එල්. ඉතිහාසය වෙනස් කළ අර්ධ ශතකය

අයි.පී.එල්. ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තාකරන්න කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ ලෝකේශ් රාහුල් අද (08) සමත්වුණා.
ඒ දැන් පැවැත්වෙන දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම සමග තරඟයේදීයි.
රාහුල් අර්ධශතකය වාර්තාකළේ පන්දු 14කදියි.
පන්දු 16ක් තුල ලකුණු 51ක් ලබා ගෙන සිටියදී වියන විට ඔහු හතරේ පහර 06ක් සහ හයේ පහර 04ක් වාර්තාකර තිබුණා.
මීට පෙර පන්දු 15කදී අර්ධශතකය වාර්තාකරමින් වේගවත්ම අයි.පී.එල්. අර්ධශතකයට හිමිකම් කීවේ ඉන්දීය ක්‍රීඩක යුසුෆ් පතාන්.