Gossips

ගොවි සංගම් පොල් ගසටත් බලපත්‍ර ඉල්ලයි

පොල් ඉඩම් කැබලි කිරීමේ තහනම වහා බලාත්මක කරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරනවා.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න දඹුල්ලේ අද (08) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ තල්, දෙල්, කොස් ගස් කැපීමට බලපත්‍ර ලබා ගත යුතු ආකාරයටම පොල් ගස් කැපීමට ද බලපත්‍රයක් ලබා ගත යුතු බවට නීතියක් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවයි.