Gossips

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
අද (08) අලුයම නිවස ආසන්නයේදී ඔහු වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
ගත වූ සතිය තුළ වැලිකන්ද ප්‍රදේශයේදී සිදුවූ දෙවන වන අලි ප්‍රහාරය මෙය බව පොලීසිය සඳහන් කළා.

ඡායාරූප – මනම්පිටිය, නිමල් ජයරත්න