Gossips

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතයි.
අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිළ නිවසේදී මෙම රැස්වීම පැවැත්වෙන බවයි.
එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂ වූ නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් සමඟ තවදුරටත් ආණ්ඩුව තුළ කටයුතු කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට සිදුකළ දැනුම් දීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කළා.