Gossips

කලා ඔයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුර (ඡායාරූප)

සාලියවැව, කලා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුරක් ප්‍රදේශවාසියෙකු කළ දැනුම් දීමකට අනුව සාලියවැව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සොයාගත් මළ සිරුර නීළබැම්ම ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබලෙකුගේ බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අදාල පුද්ගලයාගේ සිරුර මසුන් ඇල්ලීමට යොදා ගන්නා දැලක පැටලී කලාඔයේ පාලමේ සිට මීටර 20ක් පමණ දුරින් ස්ථානයක තිබියදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
අදාල යුධ හමුදා සෙබළා කුරුණෑගල, මල්කඩුවාවවැහැර, යුද හමුදා කඳවුරේ සේවයට අනුයුක්තව සිට නිවාඩු පැමිණ සිටියදී අතුරුදහන් ඇති බවට බිරිඳ විසින් පසුගිය 06 වනදා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.
එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ පසුගිය 05 වන දින යහළුවන් කිහිප දෙනකු සමඟ 42 හැවිරිදි තම සැමියා කලාඔයේ දිය නෑමට ගිය බවයි.
මියගිය පුද්ගලයා සහ තවත් කිහිප දෙනකු පසුගිය 05 වන දින රාත්‍රියදී කලාඔයේ දැලක් එලා මසුන් මරා ඇති බවත් මිය ගිය පුද්ගලයාගේ සිරුර එම දැලේම පැටලී තිබූ බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ යැයි සැකකරන ඇඳුම් කිහිපයක් ද සාලියවැව කලා නදිය ජල පොම්පාගාරය අසල ගසක රඳවා තිබියදී පොලිසිය විසින් සොයා ගැණුනා.
කුමන හේතුවක් මත මෙම පුද්ගලයා මියගියා ද යන්න තවමත් නිශ්චිතවම අනවාරණය වී නොමැති අතර පුත්තලම අතිරේක දිසා විනිසුරුවරයාගේ නියෝග මත පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මෘත ශරීරය පුත්තලම මූලික රෝහල වෙත රැගෙන ගිය බව සාලිය වැව පොලිසිය පවසනවා.

ඡායාරූප – පුත්තලම, කේ. ප්‍රියංකර