Gossips

නීතිවිරෝධී ආම්පන්න යොදාගනිමින් නන්දිකඩාල් කලපුවේ මසුන් මැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

මුලතිව් – නන්දිකඩාල් කලපුවේ නීතිවිරෝධී ආම්පන්න යොදාගනිමින් මසුන් ඇල්ලූ ධීවරයින් දෙදෙනෙකු අද අලූයම මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව එම ස්ථානයේ තිබී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ඇටවූ උගුල් 800 ක් පමණ එම නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.
කූඩ විශේෂයක් භාවිත කරමින් උගුල් අටවා මෙලෙස මසුන් ඇල්ලීමෙන් මත්ස්‍ය බිත්තරද විනාශ වන අතර, මත්ස්‍ය ගහණය විනාශ වන බවයි එම නිලධාරීන් සඳහන් කළේ.
ධීවරයින් දෙදෙනා මේ වනවිට මුලතිව් පොලීසියට භාරදී ඇති අතර, අද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.