Gossips

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයට ලබාදුන් කාලය දීර්ඝ කෙරේ

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කිරීමට පාසල් අයදුම්කරුවන්ට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
එය ඊයේ දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ අතර, එම දිනය අප්‍රේල් මස 12 වනදා දක්වා දීර්ඝ කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.