Gossips

ජර්මනියේ මෝටර් රථයක් පුද්ගලයන් පිරිසක් අනතුරට ලක් කරයි – කිහිපදෙනෙකු මරුට

බටහිර ජර්මනියේ මිනිස්ටර් නුවර රැස්ව සිටි පිරිසක් අතරට මෝටර් රථයක් ධාවනය කරවීම හේතුවෙන් සිදුවූ අනතුරකින් කිහිප දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුර සිදු කිරීමෙන් පසු මෝටර් රථය පැදවූ පුද්ගලයා වෙඩි තබා සියදිවි නසාගෙන තිබෙනවා.
අනතුරින් සිදුවූ මරණ පිළිබඳ ජර්මානු ආරක්ෂක අංශ තොරතුරු අනාවරණ කර නැහැ.
එමෙන්ම මෙය ප්‍රහාරයක් සිදු කිරීමේ අරමුණින් කළ අනතුරක් ද යන්න ද තහවුරු වී නොමැති බවයි ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ.
මේවන විට අනතුර සිදුවූ ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙසටයි.