Gossips

නායකත්වය වෙනස් නොකිරීමට එජාපය තීරණය කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකිරීමට අද රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.
ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියටත් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවයි කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේ.
අද පෙරවරු 11 ට ආරම්භ වී අරලියගහ මන්දිරයේ මේ වනවිටත් පැවැත්වෙන එම රැස්වීම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ රහස් ඡන්දයක් ද පැවැත්වුණු බවයි.
මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ අනෙක් තනතුරු සඳහා නම් යෝජනා කිරීමට 12 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් පත් කළ බවයි.
එම කමිටුව පත්කර ඇත්තේ රහස් ඡන්දයකින්.
මේ අතර, මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පළ කළේ මෙවන් අදහසක්.
‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශ්වාසභංගයට අත උස්සපු කණ්ඩායම රෙදි ඇඳගෙන නම් ආයිත් පාර්ලිමේන්තු එන්න හදන්න එපා. ආණ්ඩු පක්ෂයේ ඉඳන් මැති ඇමතිකම් දරාගෙන කටයුතු කරන්න. එතුමාල හිතනවා ඇති මේ අපි තොත්ත බබාල කියලා. අපිට හොඳ කොන්දක් තියෙනවා. ඒ නිසා අපිට අපේ දේශපාලන වැඩපිළිවෙළ හසුරුවන්න ගන්න ඕනේ තීන්දුව ගන්නවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලනවා. එතුමාටත් අපි පැහැදිලි කළා එදා මේ ජාතික ආණ්ඩුව තුළ රිංගගෙන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු ඔබතුමාත්, අපිත්, ජාතික ආණ්ඩුවත් නොමග යවනවා කියන කාරණය. විශ්වාසභංගය දිනාගැනීම වෙනුවෙන් අපිට යම් පොරොන්දුවක් දීලා පක්ෂ ප්‍රතිසංවිධානය ඉන් පස්සේ මේක නොකරණවා නම් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අපි ඇඟිල්ල දික් කරලා කියනවා එහෙම කරන්න එපා.
ප්‍රශ්නය – අගමැතිතුමාත් කියලා තියනවානේ විශ්වාසභංගය අයින් කරන්න කියලා. ඒ කියන්නේ ඔවුන් තවදුරටත් මේ ආණ්ඩුවේ ඉන්නවා කියන එකනේ, එහෙම වුණොත් ?
– මම හිතන්නේ නැහැ සර්පයෝ තියාගෙන කනවෝ කනවෝ කියන කතාව නැවත වෙයි කියන කාරණය. ඒ නිසා පසුපෙළ බහුතරය නැති වුණත් මම නම් ඉදිරි අණ පනතක් එනකොට ඒවට සහයෝගය ලබාදීම වෙනුවෙන් පෙනී නොසිට අපේ විරෝධතාවය පෙන්නුම් කරනවා.
ප්‍රශ්නය – ප්‍රතිසංවිධානය අද සහ හෙට කරනවා කියන්නේ නායකත්වයේ වෙනසක් වෙන්න ඕනෙද ?
– ජනවරමක අයිතිය ඊළඟ 2020 දී ලබාගැනීම සඳහා කාටද හැකියාව තියෙන්නේ කියන කාරණය අපේ නායකයොත් තේරුම් ගන්න ඕනේ. මොකද අපිට වඩා ඔහුට ජනවිඥානය සහ බුද්ධිය තියනවා.
ප්‍රශ්නය – උදය ගම්මන්පිල මන්ත්‍රීතුමාට අග්‍රාමාත්‍යතුමා යෝජනාවක් කළාද මොකක් හරි ඇමතිකමක් අරගෙන කරගෙන යන්න කියලා?
– නැහැ කියන්න බැහැ. බැහැයි කියන්න බැහැ. එතන හිටපු කණ්ඩායමත් එක්ක අපේ අගමැතිතුමා අතට අත දීලා බදාගෙන කිව්වා බොහොම ස්තූතියි ඔබතුමා එන්න ඇමතිකමක් දෙන්නම් කියන කාරණය නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා ඔව් අපිටත් දැන් ඇතිවෙලා තියෙන්නේ පුළුවන්නම් අරගන්න කියලා’’