Gossips

ගොඩගම නිවසකින් ජීව උණ්ඩ තොගයක් හමුවෙයි

මීගොඩ – ගොඩගම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී ජීව උණ්ඩ තොගයක් හමුවී තිබෙනවා.
එහිදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී පොයින්ට් 22 උණ්ඩ 810 ක් මිලිමීටර් 9 උණ්ඩ 330 ක්, ටී 56 උණ්ඩ 9 ක් මෙන්ම, පිස්තෝල මැගසිනයක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ඊයේ අත්අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයා මීගොඩ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරියෙකු බවට ද හදුනාගෙන තිබෙනවා.