ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පක්ෂය තුළ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් භාරදී තිබෙනවා.
අමාත්‍ය එස්.බී.දිසානායක කියා සිටියේ ජනාධිපතිවරයා ගන්නා ඉදිරි තීරණය අනුව තම කණ්ඩායම කටයුතු කරන බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.
විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි.
එහිදී නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, සහ ටී.බී. ඒකනායකද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ, තාරානාත් බස්නායක ඇතුලූ පිරිසක් ද ඊට පක්ෂව ඡන්දය භාවිත කර තිබුණා.