Gossips

14කට මරු කැඳවමින් හොකී කණ්ඩායමක් මුහුණ දුන් මාරාන්තික අනතුර

කැනඩාවේ කණිෂ්ඨ අයිස් හොකී කණ්ඩායමක් රැගත් බස් රථයක් එරට උතුරුදිග ප්‍රදේශයේ මහාමාර්ගයකදී ලොරි රථයක ගැටීමෙන් බස් රථයේ ගමන් ගත් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තරඟයක් සඳහා යන අතරතුරයි හොකී කණ්ඩායම මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.
බස් රථයේ පුද්ගලයන් 28 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් 14 දෙනා ද තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
ඉන් 03 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.