Gossips

වන සතුන් දඩයම් කළ 9 දෙනෙකු පල්ලෙකැළේදී අත්අඩංගුවට

කහල්ල – පල්ලෙකැළේ අභයභූමි රක්ෂිතයේ වනජීවි නිලධාරීන් සිදුකළ වැටලීම්වලදී වන සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් දින දෙක තුළ සිදුකළ මෙම වැටලීම්වලදී ඔවුන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 10ක්, උගුල් 3ක් සහ දඩයම් කරන ලද වන සත්ත්ව මස් කිලෝග්‍රෑම් 7ක් ද වනජීවි නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.
පිබිදුණුගම – වනජීවි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගල්කිරියාගම සහ හේරත්ගම වනජීවි නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් එම ප්‍රදේශවලම පදිංචිකරුවන්.